එක එල්ලේ කිලෝමීටර් 840ක් දුවන රථයක්!

බැටරිය එක් වරක් සම්පූර්ණයෙන් ආරෝපණය කළ විට කිලෝමීටර් 840ක දුරක් ධාවනය කළ හැකි විදුලි මෝටර් රථයක් නිපදවීමට ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ මූලස්ථානය පිහිටා ඇති Lucid Group විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම සමත් වී ඇත. ලෝකයේ මේ දක්වා නිපදවන ලද විදුලි වාහන වර්ග අතරින් වැඩිම දුරක් ධාවනය කළ හැකි රථය මෙය බව එරට පරිසර ආරක්ෂණ ඒජන්සිය පවසයි. Lucid Air Dream Edition ලෙස නම් කරනු ලැබ ඇති මෙම මෝටර් රථය ඩොලර් 169,000කට මිල කර තිබේ.

 ඛනිජ ඉන්ධන මඟින් ධාවනය වන මෝටර් රථයකට පවා එක් පිරවුම් වාරයකින් මෙතරම් දුරක් ධාවනය කළ නොහැකි වීම මෙහි තවත් විශේෂත්වයකි. මෙවැනි හපන්කමක් කිරීමට මෙම රථයට හැකි වීම කෙරෙහි එහි බැටරිය විශේෂ දායකත්වයක් දරයි. බැටරියේ නිෂ්පාදකයා වන්නේ බලශක්ති විස¾දුම් තාක්ෂණයේ ප්‍රමුඛත්වය හිමි කරගෙන සිටින LG Chem සමාගම බව මෙම රථය එළිදැක්වීම නිමිත්තෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම බැටරි සමාගමේ සභාපති Jong Hyun Kim ප්‍රකාශ කර ඇත.

 400 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply