රුසියාව සබ්මැරීනයක සිට ශබ්දයේ වේගය ඉක්මවන මිසයිලයක් අත්හදා බලයි!

රුසියාව පළමු වරට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක Severodvinsk  සබ්මැරීනයක සිට ශබ්දයේ වේගය පරයන කෘෘස් මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම අති ධ්වනි මිසයිලය සර්කෝන් (Zircon) ලෙස හැඳින්වෙයි.

සබ්මැරීනය මුහුද මතුපිට තිබියදී පළමු මිසයිලය දියත් කරනු ලැබ ඇත. දෙවැන්න මුහුද අභ්‍යන්තරයේ සිට දියත් කරනු ලැබිණි. මිසයිල දෙකම සාර්ථක ලෙස Barents මුහුදේ අදාළ ඉලක්කය වෙත ගමන් කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම මිසයිල වර්ගයට ශබ්දයේ වේගය මෙන් 9 ගුණයක වේගයෙන් කිලෝමීටර් 1,000ක් දුරට ගමන් කළ හැකි බව ප්‍රකාශ කළ ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මෙය රුසියානු හමුදා ශක්තිය බෙහෙවින් ඉහළ නැංවූ බව සඳහන් කළේය. රුසියාව පසුගිය ජූලි මාසයේදී ද සර්කෝන් අති ධ්වනි මිසයිලයක් යුද නෞකාවක සිට අත්හදා බැලීම් සිදු කර තිබේ.

මෙම මිසයිලය 2022 වසරේ සිට රුසියානු නාවික හමුදාව පරිහරණය කරන බව එරට හමුදා නිලධාරියකු පවසා ඇත. මෙවැනි තවත් අති ධ්වනි මිසයිල ගණනාවක් අත්හදා බලමින් පවතින බවද ඔහු හෙළිදරව් කළේය. 2014 වසරේදී රුසියාව විසින් යුක්‍රේනයේ ක්‍රිමියා අර්ධ ද්වීපය අත්පත් කරගැනීමෙන් පසු ඊට එරෙහිව බටහිර රටවලින් එල්ල වූ විරෝධය නිසා සිය හමුදා ශක්තිය වර්ධනය කරගැනීමට රුසියාව ඉහළම ප්‍රමුඛත්වය ලබාදෙයි.

 395 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply