“කොවිඩ් හමුවේ රට හිස ඔසවයි” – වෘත්තීය සමිති යලිත් වර්ජන රැල්ලකට සුදානම්!

අත්තනෝමතික ලෙස කටයුතු කරමින් දිගින් දිගට ම ජාතික සම්පත් විකිණීමෙහි ආණ්ඩුව නිරත වන්නේ නම් සියලු ක්‍රියාකාරී වෘත්තීය සමිති හා ඒකාබද්ධව දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට යාමට සූදානම් බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඔවුන් මේ බව සඳහන් කළේ, ඊයේ (ඔක්. 5) පේරාදෙණිය ගැටඹේ දී මහා සංඝරත්නය හමුවූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

විදුලි බල මණ්ඩලය, වරාය, ඛනිජ තෙල් වැනි මරමස්ථාන වර්ජන ක්‍රියාමාර්ගයකට ගියහොත් එය ඔවුන්ගේ අවසන් ක්‍රියාමාර්ගය බවත් ඔවුන් එතනට තල්ලු නොකරන ලෙස සියල්ලන්ගෙන් ඉල්ලා සිටින බවත් එහිදී අදහස් දැක්වූ විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය. 

“අපට අවවාද අනුශාසනා දුන්නා අපේ හාමුදුරුවෝ. වෘත්තීය සමිති ව්‍යාපාරයේ සටන් අරගල නිසා තමයි අදටත් මේ රටේ රාජ්‍ය ආයතන රැකිලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාගේ ආශිර්වාදය අපට ලබාදෙන බවටත් මේ රටේ පාලකයින්ට මේ වන මහා විනාශය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන බවටත්, මේ සම්බන්ධ අදාළ සාකච්ඡාවක් මහ නායක ස්වාමීන් වහන්සේලා එක්ක කරන බවටත් අපිට පොරොන්දු වුණා. 

ආණ්ඩුවට අපි ඉතාමත් පැහැදිලව කියනවා දිගින් දිගට ම තත්ත්වෙ ඉතා ම බැරෑරුම්. නිද්‍රාශීලීභාවයෙන් මෙරට ජනයා අවදි කිරීමේ වගකීම වෘත්තීය සමිති ව්‍යාපාරයට පැවරී තිබෙනවා. තවදුරටත් ආණ්ඩුව මුරණ්ඩු ලෙස අත්තනෝමතික විදියට කටයුතු කරනවා නම් සහතිකයි මහත්තුරු සිංහාසනයෙන් බස්සන්න වුණත් අපට සිද්ධවෙයි කියන කාරණය අවධාරණය කර කියනවා.

විදුලි බල මණ්ඩලය, වරාය, ඛනිජ තෙල් වගේ මරමස්ථාන වර්ජන ක්‍රියාමාර්ගයකට ගියොත් ඒක අපේ අවසන් ක්‍රියාමාර්ගය අපි ඒක හැමදා ම කියනවා. අපිව එතනට තල්ලු කරන්න එපා. ඒ නිසා අපි ඉල්ලීමක් කළා මහා සංඝරත්නයෙන් අපිව එතනට පත් කරන්න එපා. ඒක අපේ අවසන් ආයුධය. ඒක අපේ කැමැත්ත නොවේ. ආණ්ඩුව තවදුරටත් අත්තනෝමතිකව කටයුතු කළොත් සහතිකයි ඒ අවසන් තීරණයත් ගන්නවා. ඒකත් තනියෙන් නොවේ යන්නේ. රටේ වැඩ කරන සියලු ම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෝ ඒකරාශි කරගෙන. පැයක දෙකක වැඩ වර්ජනයකින් ආණ්ඩුව දණගස්සන්න පුළුවන්.”

 425 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply