”මමත් බිරිඳත් අහිංසකයි” තිරු නඩේෂන් ජනපතිට ලියයි!

පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් ඔහු ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ, පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් වුවද තමාත් තම බිරිඳ නිරූපමා රාජපක්ෂ මහත්මියත් අහිංසකයින් බවත් තමන් වරදක් සිදු කර නොමැති බවත් ය.

ඒ හේතුවෙන්, මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ස්වාධීන විමර්ශකයෙකු පත්කරන ලෙස සිය ලිපිය මගින් තිරුකුමාර් නඩේසන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ඒ මහතා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම චෝදනා හේතුවෙන් තමාත් තම බිරිඳත් දැඩි වේදනාවට පත්වුණු බවය.

 574 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply