“ගුරුවරයා කරන්නෙත් තවත් තවත් රැකියාවක්” – බමුණු වැඩවසම් ක්‍රමයෙන් දියුණු නුතනත්වයට ඉදිරි ගමනක්!

ගුරුවරයා කරන්නෙත් තවත් වුර්තියක් නැත්නම් රැකියාවක්. ගුරුවරයාට වෙනම දවසක් වෙන් කරගෙන සමාජය ලොකුවට රගනවා නම් කාර්මික ශිල්පීන්, රියදුරන්, ඝනකාධිකරිවරුන්, රූපලාවන ශිල්පීන්, පෙදරේරු වරුන්, ශුපවෙදීන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරු, ව්‍යාපාරිකයන් වගේ සියල්ලන්ටම දින වෙන් කරන්න ඕන.

ලෝකය 1800 ගණන් වෙනකනුත් සිරි ලංකාව වගේ ප්‍රතිගාමී රටවල් අදටත් පවත්වාගෙන යන බමුණු වැඩවසම් ක්‍රමය ඇතුලේ තමයි මේක වෙනස් බක්කක් වෙලා තියෙන්නේ. වැඩවසම් යුගයේ කුල බේදය අනුව බමුණන් තමයි අධ්‍යාපනය දුන්නේ. කුලයෙන් පිට කෙනෙක් වේද ග්‍රන්ථ කියෙව්වොත් කටේ උනුතෙල් වක්කරා. ගුරුවරුන්ගේ නිවෙස්වල බැල මෙහෙවර කරගෙන තමයි පවුලෙන් පිට කෙනෙක්ට වෛද්‍ය කළා වගේ ශාස්ත්‍ර දැනුම ගන්න ලැබුනේ.

වර්තමානයේත් ශිෂ්‍යන්ට කියල වන්ඳ ගන්න, දෙමවු පියන්ගේ සාක්කුවට විදින්න බමුණන් විසින් ගුරු වුර්තිය වැඩි උත්ස්කර්ෂයට නගලා සුක්ෂමව යොදා ගන්නව.

ලෝකයේ කිසිම වුර්තියක් තව එකකට වඩා ලොකු නැහැ. මේ හැම වුර්තිකයෙක්ම තමන්ගේ කාර්ය හරියට කරොත් කරන්නේ සමාජයට අවශ්‍ය දෙයක්. අනෙක් අතට හැම වුර්තියකම තක්කඩින් ජඩයන් දුෂිතයන් නිකමුන් ඉන්නවා.

තමන් කරන දෙයට කොච්චර අවංකද, කාර්ය ගුණාත්මකව ඵලදායිව කරලා තමන්ට ලැබෙන වේතනය නැත්නම් ගෙවීම වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවද කියන එකෙන් ඕනම වුර්තිකයෙක් වැදගත් පුද්ගලයෙක් වෙනවා වගේම කාලකන්නි නිකම්මු විදියට වැඩ නොකර පඩි ගන්නවද, කරන කාර්යට දුර්වලද අසාර්ථකද, හොර OT, දීමනා ගන්නවද, බලය අයුතු විදියට යොදා ගන්නවද කියන එක මත ජඩයෙක්, කාලකන්නියෙක් වෙනවා…

හැම වුර්තියකම ඔය දෙගොල්ලම ඉන්නවා…

අපි බමුණු වැඩවසම් ක්‍රමයෙන් දියුණු නුතනත්වයට ඉදිරි ගමනක් යමු….

සටහන : Nalaka Gamage Facebook

 441 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply