ඔක්තෝබර් 10 වන දා මහ කන්නයට පොහොර නැවක් එනවා!

මහ කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය පොහොර බෙදා දීමේ කටයුතු එළඹෙන ඔක්තෝබර් 12 වන දින ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ප්‍රතික්ෂේප චීන කාබනික පොහොර යොදන්නේ නැතිනම් මහ කන්නයේ ගොවිතැන සඳහා විකල්ප ලෙස ⁣ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද? යන්න සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (ඔක්. 5) දින පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී ඔහු සඳහන් කළේ, මහ කන්නය සඳහා බෙදා දීමට සූදානම් පොහොර සහිත නැව ලබන 10 වන දින මෙරටට පැමිණෙන බවත් එම පොහොරවල කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නොමැති බවත් ය.

ඒ අනුව, එළඹෙන 15 වන දා ආරභවීමට නියමිත මහ කන්නයේ ගොවිතැන් කයුතු සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් අදාළ පොහොර දීම නියමිත බව ඔහු පැවසීය. 

“චීනයෙන් පොහොර ආනයනය නැවතුනා කියලා එළඹෙන මහ කන්නයට කිසිදු පොහොර හිඟයක් ඇති වන්නේ නැහැ. අපි චීනයෙන් ආනයනය කරන්න බලාපොරොත්තු වුණේ නයිට්‍රජන් නිස්කාරකයක්. මේක බූස්ට් එකක්. අපි එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර, ජෛව දියර පොහොර ඒ වගේ ම පොටෑසියම් ක්ලෝරයිට් 10 වන දා ලංකාවට ෂිප් එක එනවා. ඒවාගේ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ පොහොර වර්ග තුන ම සූදානම්.

එළඹෙන මහ කන්නය පටන්ගන්නේ ඔක්. 15 අම්පාරෙන්. අම්පාරේ ඔක්.10 වන දා ඉඳලා අපි 12 වන දා ඉඳලා මේ සියලු ම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හරිනවා. ඒ නිසා වී ගොවිතැන සඳහා කිසිදු ගැටලුවක් නෑ. හැබැයි අපි අර නයිට්‍රජන් බූස්ට් එක අපි ගෙන්වාගන්න බලාපොරොත්තු වුණා චීනෙන්. ඒකෙ ක්ෂුද්‍ර ජීවීන් හිටපු නිසා අපි ඒක ප්‍රතික්ෂේප කළා. අපි දැනට ඉන්දියාවත් එක්ක කතා කරනවා නැනෝ නයිට්‍රජන් එකක් අපි ආනයනය කරන්න.”

 505 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply