‘යොහානි’ පාර්ලිමේන්තුවටත් යයි – ගීතාගෙන් යොහානිට ඔවදනක්!

‘මැණිකේ මගේ හිතේ’ ගීතය ප්‍රතිගායනා කරමින් ලොව ම දිනා ගත් යොහානි ද සිල්වා සම්බන්ධයෙන් අද (ඔක්. 5) පාර්ලිමේන්තුවේදී දේශපාලඥයෝ අදහස් පළ කළහ.  

එහිදී යොහානි රටට ලබා දුන් කීර්තිය සම්බන්ධයෙන් අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ඇයගෙන් ඉල්ලීමක් කළා ය. 

“යොහානි ද සිල්වා ඉන්දියාව ම හෙල්ලුම් කෙරුවා. මෙතන ඉන්න හැම පක්ෂයක ම මන්ත්‍රීවරු මාත් එක්ක එකතු වේවි. ඇය මේ රටට ගෙනාවේ ලොකු කීර්තියක්. ඇය මේ රටේ නම ඉදිරියට ගෙන ගියා. ඉන්දියාවේ ගරු අගමැතිතුමන්ගේ සිට සියලු දෙනා ම ඇයට සුබ පතමින් ඇය ඉහළට ඔසවා ගත්තා. 

හැබැයි මම කියනවා… යොහානි මගේ මැණික, ඔබේ ජනප්‍රියතාව දේශපාලනයට දෙන්න එපා. මොක ද ඒක භයානකයි.”

මේ අතර, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද පාර්ලිමේන්තු විවාදය අතරතුර යොහානි ද සිල්වා පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

“මැණිකේ වදනින් ලොවක් කැළඹූ

මිහිරි ගීයෙන් සවන් සැනසූ

සිහින කුසුමන් දෙඅත සැරසූ

යොහානි දුව අද ජාත්‍යන්තර කීර්තියට පත්වෙලා තියෙන අවස්ථාවක අපි යට සුබ පැතුම් පළ කරමින් ස්වජාතික කලාකරුවන්ට තව තවත් ජාත්‍යන්තරයට ගමන් කරන්න ශක්තිය ලැබෙන ආකාරයේ ගැසට් නිවේදනයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.”

 484 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply