පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට!

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

වීරකැටිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, ගයාන් මේනුක දිසානායක නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

ඊයේ රාත්‍රී වීරකැටිය ප්‍රදේශයේ නිවසක සැකකටයුතු අන්දමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔහු පැමිණි මෝටර් රථය, ස්කෑනර් යන්ත්‍රයක් හා කළු ගල් විදීම සඳහා භාවිත කරන උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

 285 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply