අමාත්‍ය ලොහාන්ගේ තර්ජනවලට ලක් වූවා යැයි කියන රැදවියන්ගේ ආරක්ෂාව තහවුරු කරයි!

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ තර්ජන වලට ලක් වූවා යැයි කියන අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් අට දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවරගන්නා ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා .

ඒ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනූරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී පිස්තෝලයක් රැදවියකුගේ හිසට තබා තර්ජනය කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශයට පත් කරන ලෙසට ඉල්ලා එම බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් 8 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැදවු අවස්ථාවේදීයි.

 349 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply