
ලෝකයේ කාන්තාවන් අතර බහුලම පිළිකාව වන පියයුරු පිළිකාව ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
ශ්රී ලංකාවේ බහුලම පිළිකාව වනුයේ පියයුරු පිළිකාවයි.
ඒ අනුව වසරකට 3000-3500ක පමණ කාන්තාවන් පිරිසක් අලුතින් පියයුරු පිළිකා රෝගීන් ලෙස හඳුනා ගෙන ඇත.
දිනකට අලුතින් කාන්තාව 9-10 අතර ප්රමාණයක් පිළිකා රෝගීන් ගොන්නට එක් වෙති.
පියයුරු පිළිකා වැළඳෙන කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් බව සමීක්ෂණවලදී අනාවරණය වී තිබේ.