“විපක්ෂ නායකයා කුඹුරක් මැද්දේ” – අද නාන ගමන් එදා ලිස්සුව හැටි කියයි!

ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාරට බසින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන “ගොවි හදගැස්ම” වැඩසටහනේ දෙවැනි පියවර ලෙස ලුණුගම්වෙහෙර වම්ඉවුර ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී පැවැති අධික වර්ෂාව මධ්‍යයේ වුවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් ප්‍රකාශ කළේය.

“ගොවියට නිර්මාණය වෙලා තියෙන මේ අඳුරු තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම ගොවියා වෙනුවෙන් පෙනී සිටිනවා. ලක්ෂ ගණනින් ගොවීන් එකතු කරගෙන අපි සටන් වදිනවා.”

එම ප්‍රදේශයේ ගොවි ජනතාව සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුව මාධ්‍ය අමතමින් සඳහන් කළේ ගොවියා රැකගැනීමට ආණ්ඩුව වහා පියවර ගතයුතු බවය.

ගොවියන්ගේ අස්වැන්නට නිසි වෙළෙඳපොළක් නොමැතිවීම,පොහොර සහ බීජ හිඟය, අස්වැන්න කල් තබාගැනීමේ ක්‍රමවේදයන්හි පවතින ගැටලු, මුං ඇට වගාව සඳහා දළඹුවන්ගෙන් වන හානි වැනි ගැටලු පිළිබඳව එහිදී අවධානය යොමුවී තිබේ.

අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉන් පිටව යන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමතමින් එහි සිටි පුද්ගලයෙකු සඳහන් කළේ, “සජිත් මහත්තයා මෙතන ලිස්සනවා. බලාගෙන,” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, “2019 පොඩ්ඩක් ලිස්සුවා. ඒ වුණාට ආයේ ලිස්සන්නේ නෑ,”යනුවෙනි. 

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සජිත් ප්‍රේමදාස මහතාට විවේචන සහ උපහාස එල්ල වන්නේ ඇති තරමට කුඩ තබාගෙන මාධ්‍ය සංදර්ශනයකට අවශ්‍ය පරිදි වැස්සේ තෙමුණු බවටය.

එසේ පළවූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පහතින්…

 709 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply