“අපි විහිළු කරන්නේ නෑ” – නාවික හමුදා නිලධාරියා අනවශ්‍ය ප්‍රකාශයක් කරලා තියෙන්නේ!

ජා-ඇල බෝපිටිය ශාන්ත නිකොලාස් දේවස්ථානයට ඉකුත් (28) වනදා දැනුම්දී තිබූ ආරක්ෂක තොරතුර ගැන ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (04) පැහැදිලි කිරීමක් කළේය.

ඒ අද දෙරණ ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, එදින අදාළ දේවස්ථානයට දී තිබූ තොරතුර වන්නේ ‘සාමාන්‍යයෙන් ඉන්නවාට වැඩිය ඇස් කන් ඇරගෙන ඉන්න’ කියන පණිවුඩය බවය.

“අපිට පාන් විකුණන පුද්ගලයාගෙන් පවා තොරතුරු ලැබෙනවා. ඒ කිසිම තොරතුරක් වැඩක් නෑ කියලා අපි ඉවත් කරන්නේ නෑ. ඒ ලැබෙන තොරතුරු විශ්ලේෂණය කරලා බුද්ධි තොරතුරු වෙන්කර ගන්නවා. ඒ වෙන්කර ගන්නකම් නිකං ඉන්නත් බෑ. එහෙම දැනුම්දීමක් තමයි එදා කරලා තිබුණේ. අපි කාවවත් විහිළුවට අරගෙන නෑ. මං දැක්කා එහෙම කතාත් කියවෙනවා.”

 413 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply