මහේල ජයවර්ධන ශ්‍රී ලංකා පිලේ උපදේශකයෙකු ලෙස පත් කිරීම ශක්තියක්!

එළෙබෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා පිලේ උපදේශකයෙකු ලෙස පත් කිරීම සිය කණ්ඩායමට ශක්තියක් බව විස්සයි විස්ස කණ්ඩායම් නායක දසුන් ශානක පවසනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

මූලික වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකටද එක්වනවා. පළමු පුහුණු තරගය ඔක්තොම්බර් 12වනදා පැවැත්වෙන්නේ බංගලාදේශයට එරෙහිවයි.

දෙවන පුහුණු තරගය ඔක්තොම්බර් 14වනදා පැපුවානිව්ගිණියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

පන්දුවාර විස්ස ලෝක කුසලාණ ක්‍රිකට් තරගාවලිය සඳහා යොදා ගැණෙන ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක්‍රීඩාංගණ වල තනතීරු සම්බන්ධයෙන් අයි පී එල් තරග හරහා යම් අවබෝධයක් ලබා ගත් බවයි නායක දසුන් ශානක පැවසුවේ.

මේ අතර ඕමාන තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යනවා.

දෙරට අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. පළමු තරගය ඔක්තොම්බර් 07වනදාත්, දෙවන තරගය 09වනදාත් පැවැත්වෙනවා.

 1,939 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply