කුඩු වසන්ගතයේ මහ මොළකාරිය දීපිකා – වට්ස්ඇප් පණිවුඩ තොගයක් එළියට

මියගිය සුපිරි බොලිවුඩ් නළු සුෂාන්ත් සින් රාජ්පුත්ගේ මරණයත් සමඟ ඉන්දීය සුපිරි නළු නිළියන් අළලා මත්ද්‍රව්‍ය ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පසුගිය දිනවල ඉන්දීය පුවත් වාර්තා කර තිබුණාෙ.

මෙම නළුවන්ගේ ලයිස්තුවට ශාරුක් ඛාන්, රන්බීර් කපූර්, අර්ජුන් රාම්පල් වැනි බොලිවුඩ් නළුවන් රැසකගේ නම් වාර්තා වුණා.

මරණයට පත් සුශාන්ගේ පෙම්වතිය වූ රියාගේ දුරකථනය හරහා හුවමාරු වූ පණිවිඩ ඔස්සේ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මගින් මෙහි විමර්ශන කටයුතු සිදු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් සෘජුවම සහභාගි වූ නළුවන් කවුරුන්ද යන්න ඔවුන් තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැතත් ඔවුන්ගේ නම් වල මුල් අකුරු මේ වන විට මාධ්‍යයට ලබා දී තිබෙනවා ඒ අනුව s r a මුල් අකුරුවලින් ශාරුක් ඛාන්,රන්බීර් කපූර් සහ අර්ජුන් රාම්පාල් යන නළුවන් තිදෙනා පිළිබඳව ඉන්දීය මාධ්‍ය පුරාම කතාබහට ලක්වෙනවා.

ජුනි මාසයේ සුශාන්ත් සිං රාජ්පුත් සිය දිවි හානිකර ගැනීමත් සමඟ ඔහුගේ පියා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන කටයුතු ආරම්භ වුණා. ඒ අනුව රියාගේ ෙ වට්ස් අප් ගිණුම පරීක්ෂණයට ලක් කළ ඉන්දීය පොලිසිය‍ෙ ඇය ඇතුළු විසි දෙනකු මේ වන විට අත්අඩංගුවට පත් කර ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූයේ සුරූපී බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සාරා අලීඛාන්, ශර්දා කපූර් වැනි සුරූපී බොලිවුඩ් නිළියන් ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී ඇති බවයි.

දීපිකා පදුකෝන්ගෙන් පැය 6 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය විසින් ප්‍රකාශ කර තිබුණේ සුෂාන්ත් මත්ද්‍රව්‍ය ගන්නා බවට ඇය විසින් දැක ඇති බවයි.

දුරකථන හරහා සිදුකළ මෙම පණිවිඩ හුවමාරු කිරීම් වලදී මූලික වශයෙන් ආවරණය වී ඇත්තේ මෙහි මහ මෙළකාරිය ලෙස දීපිකා පදුකෝන් කටයුතු කර ඇති බවයි.

 250 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply