කොරියාවේ සිට පැමිණ කාබනික වගාව සාර්ථකව කළ ගොවියෙක්!

කාබනික පොහොර නිෂ්පාදනය මෙන්ම එම පොහොර යොදා වගා කටයුතුවල නිරතවෙමින් සාර්ථක වූ ගොවි මහතෙකු ගලේවෙල,පට්ටිවෙල ප්‍දේශයේදි හමුවිය. ඔහු නමින් ඒ ආර්.ආර් දිවාකර මහතාය.

දිවාකර මහතා කොරියාවේ විදේශගත රැකියාවක වසර 10ක් පමණ නිරත වි නැවත ලංකාවට පැමිණ මෙම කාබනික වගාවෙන් ගොවිතැන ආරම්භ කර ඇති අතර මේ සදහා පවුලේ සියලු දෙනාගේ සහය හිමිවන බවද ඔහු පැවසිය.

වසර කිහිපයක් තිස්සේ තමන් මෙම අත්හදා බැලිම් සිදු කළ බවත් වත්මන් රජය විසින් සිදු කරන කාබනික පොහොර නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දෙමින් මාසිකව කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 7ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමට හැකි බවද දිවාකර මහතා පැවසිය.

 මේ වන විට දිවාකර මහතාගේ  ඉඩමේ සාර්ථක කාබනික ‍වගාවක් සිදු කර ඇති  අතර වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබෙන බවත් වගාවන් අතර බිට්,මාළු මිරිස්,අමු මිරිස්,ළුෑණු,රාබු.තක්කාලි ඇතුලු එලවලු විශාල ප්‍රමාණයක් වගා කර ඇති බවත් ඒ සදහාද විශාල ඉල්ලුමක් පවතින බවද හෙතෙම පැවසිය.

කාබනික පොහොර නිෂ්පාදනය සදහා සැල්විනියා,පොහොර ගොම, ඇල්බීසියා, පිදුරු, කුකුල් පොහොර, මාන, ලීකුඩු, දහයියා අගුරු, ගල් අගුරු කුඩු වගේ දේවල් යොදා ගන්නා බවත් එහි ශාකයක් හැදෙන්න අවශ්‍ය සියලුම මුල ද්‍රව්‍ය ඇති බවත් ඔහු පැවැසීය.

මේ සදහා කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ගේ සහයෝගය ලැබෙන බවත් දිවාකර මහතා පැවැසීය.

www.ada.lk

 401 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply