දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සූදානම් පිලිපීනයේ ජනාධිපති!

එලැඹෙන 2022 මැතිවරණයේදී තමා උප ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවත් පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ නිවේදනය කළේය.

76 හැවිරිදි ඩුටර්ටේ “මම දේශපාලනයෙන් විශ්‍රාම යන බව අද ප්‍රකාශ කරනවා” යනුවෙන් මාධ්‍යවේදීන්ට පැවසීය.

2016 දී වසර හයක ජනාධිපති ධුරයක් සඳහා බලයට පත් වූ ඩුටර්ටේ, තමා දේශපාලනයෙන් ඉවත් වීම පිලිපීන ජාතිකයන් තුළ පවතින දැඩි හැඟීම පිළිබඳවද අවධානය යොමු කරමින් ගත් තීරණයක් බව පවසයි.

“පිලිපීන ජාතිකයින්ගේ විශ්වීය හැඟීම නම්, මම තවදුරටත් තරග කිරීමට සුදුසුකම් නැති කෙනෙක් වීමයි. එනම් නීතිය, ව්‍යවස්ථාවේ ආත්මය මඟ හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනු ඇති. එසේ නම් ජනතාවගේ කැමැත්තට කීකරු විය යුතුයි. වසර ගණනාවකට පෙර මාව ජනාධිපති ධුරයට පත් කළ මගේ රටවැසියන්ට මා දැන් කියන්නේ මම ඔබේ ආශාවන්ට අවනත වන බවයි” ඩුටර්ටේ පැවසීය.

ඩුටර්ටේ සෙනසුරාදා මෙට්‍රෝ මැනිලා හි පැවති ඔහුගේ දිගු කාලීන ආධාරකරු සහ උප ජනාධිපති තනතුර සඳහා අපේක්ෂකත්වය ඉදිරිපත් කළ 47 හැවිරිදි සෙනෙට් සභික ක්‍රිස්ටෝපර් ගෝ සමග ඡන්ද මධ්‍යස්ථානයේ සිටියේය.

2022 මැතිවරණ සඳහා අපේක්ෂකයින්ට තම අපේක්‍ෂකත්වය ඔක්තෝබර් 1දා සිට 8දා දක්වා ඉදිරිපත් කළ හැකිය. මැතිවරණය පැවැත්වෙන්නේ 2022 මැයි 9 වැනිදාය.

 334 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply