කොවිඩ් වසංගත අස්සෙත් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් ඉහළට!

කොරෝනා වසංගතය හමුවේ මෙරට අපනයන ක්ෂේත්‍රයේ ඔරොත්තුදීමේ හැකියාව තවදුරටත් තහවුරු කරමින් ගෙවීගිය සැප්තැම්බර් මාසයේදීත් අඛණ්ඩව සිව්වන වරටත් මෙරට භාණ්ඩ අපනයනය එක්සත් ජනපද ඩොලර් බිලියනයේ සීමාව පසුකර ඇත.

මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයකු සඳහන් කළ ආකාරයට මෙතෙක් සකස් කර ඇති දළ සංඛාලේඛන වලට අනුව සැප්තැම්බර් මාසයේදී අපනයන ඩොලර් බිලියන 1.006 ක්(රුපියල් කෝටි 20421ක්) ලෙසින් සටහන්වී ඇත.

මෙම නවතම සංඛ්‍යාලේඛනත් සමග මේ වසරේ පළමු මාස නවය තුළ මෙරට සමස්ත භාණ්ඩ අපනයන ඩොලර් බිලියන 8.8 ක්(රුපියල් කෝටි 178,640ක්) වූ අතර එය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 19% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම වර්ධනයත් සමග 2021 වසරේ ඉතිරි මාස 03 තුළදීද මාසිකව ඩොලර් බිලියනයකට වඩා වැඩි අපනයන ඉලක්කයක් සපුරා ගැනීමට හැකිවෙතැයි මුදල් අමාත්‍යංශය විශ්වාස කරන අතර, එය එසේ නම්, මේ වසරේ අපනයන සඳහා අපේක්ෂිත ඩොලර් බිලියන 12 ක ඉලක්කය සාර්ථකව පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකිවේ.
මෙම අගයන් මෙරට සේවා අපනයනත් සමග මුළු අපනයන ඉලක්කය ඩොලර් බිලියන 16 ක් වන අතර පළමු මාස අට තුළදී සේවා අපනයන 33% කින් වර්ධනයවී ඩොලර් බිලියන 2.18 ක ආදායමක් සටහන් කර තිබේ.

 432 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply