”මාව CIDයට කැඳවීම විහිළුවක්” තමන් CIDයට කැඳවූ හේතුව චූලා හෙළි කරයි!

කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියා තමන් හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම සඳහා තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන් කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියාව පෞද්ගලිකව නොහඳුනන බවත් නෙළුම් පොකුණේ සිද්ධිය පිළිබඳව දැන ගැනීමට ඔහු තමන් සමග දුරකතනයෙන් කතාබහ කළ පමිණින් තමන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම විහිළුවක් බවත් ඇය සඳහන් කළාය. 

“කීර්ති රත්නායක කියන journalist මට කතා කළා අර නෙළුම් පොකුණේ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන අහන්න. ඔහුව කොහො ම ද දන්නේ කියන එක තමයි. Journalist කෙනෙක් හැම තිස්සේ ම ඉතින් අපිට කතා කරනවා. කීර්ති රත්නායක නෙමෙයි ඇති වෙන්න journalists ලා ඒ කාලය තුළ දී මම හිතන්නේ internationally වුණත් journalists ලා අපිට කතා කළා ඒ සම්බන්ධව අහන්න. 

ඉතින් අපිටත් ඕනේ වුණේ අපේ පැත්තේ තිබ්බ story එක එළියට… මොක ද හරි ම අඩු ප්‍රමාණයක් තමයි අපේ පැත්තෙන් තියෙන ඇත්ත එළියට දැම්මේ. එයාව කොහො ම ද දන්නේ කියල අහන්න තමයි මට අද එන්න කිව්වේ. මේක විහිළුවක්. මොක ද මම කීර්ති රත්නායක කියන journalistව කළු ද සුදු ද කියලවත් දන්නේ නෑ. මොක ද අපිට කතා කළා ම media එකකින් ආ මම මේ media එකෙන් කතා කරන්නේ, අපිට දෙන්න කියලා. ඉතින් අපි දෙනවා. 

මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට කළ අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

 564 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply