කොරෝනා පෙත්ත සාර්ථක වන ලකුණු!

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ ‘මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ‘මොල්නුපියවියර්’ නමැති බෙහෙත් පෙත්ත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ‘කොවිඩ් 19’ රෝගීන් සුවපත් කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඖෂධ වර්ග කීපයක් නිර්මාණය කර තිබේ. එහෙත්, එම ඖෂධ ලබා දීම සිදුවන්නේ කොරෝනා ආසාදිත අසාධ්‍ය රෝගීන්ට පමණක් වන අතර, එසේ වන්නේ රෝහලක් තුළ වෛද්‍ය අධීක්ෂණයක් යටතේය. එහෙත්, ‘මොල්නුපියවියර්’ බෙහෙත් පෙත්ත එසේ අවධානම් එකක් නොවන බවත්, එය නිවසේ දී පවා වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගතහැකි බවත් පැවැසෙයි.

‘මොල්නුපියවියර්’ බෙහෙත් පෙත්තෙන් සිදුවන්නේ, ‘කොවිඩ් 19’ ආසාදිතයන් රෝහල්ගත වීමට ඇති ඉඩ සහ මරණයට පත්වීමට ඇති ඉඩ අවම කිරීමය.

තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් ද මේ වනවිට සිදුකර අවසන් හෙයින්, බෙහෙත් කරල භාවිතයට අවසර ඉල්ලා ‘මර්ක්’ සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර තිබේ.

ඉදිරි දෙසතිය ඇතුළත ‘මොල්නුපියවියර්’ ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 779 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply