ශ්‍රී ලංකාවේ විශාලතම ධීවර වරාය නොවැම්බර් ජනතා අයිතියට!

ශ්‍රී ලංකාවේ විශාලතම ධීවර වරාය ලෙස ඉදිවෙමින් පවතින වෙන්නප්පුව, වෙල්ලමංකර ධීවර වරාය ලබන නොවැම්බර් මස ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රයේ විශාලතම ව්‍යාපෘතියක් වන මෙම වරාය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 250 කට ආසන්න මුදලක් වැය කරයි.

ශ්‍රී ලංකා දැනට විශාලතම ධීවර වරාය ලෙස සැලකෙන දික්ඕවිට ධීවර වරායට වඩා විශාලත්වයෙන් වැඩි මෙහි විශාල ධීවර බෝට්ටු මෙන්ම බහුදින ධීවර යාත්‍රා 800 කට පමණ එකවර නැංගුම්ලෑමේ හැකිව තිබේ.

විශාලතම දියකඩනයක් සහ ධීවර වරායක් සතු සියළුම අංගෝපාංගයන්ගෙන්ද, වරාය කළමණාකාර සහ සේවක නේවාසිකාගාර ද, ආපනශාලා, වෙරළ ආරක්ෂ බලකා ඒකකයකින්ද මෙම ධීවර වරාය සමන්විත වේ.

වෙල්ලමංකර ධිවර වරාය විවෘත කිරීමත් සමග එම ප්‍රදේශයේ නව වෙළෙඳ සංකීර්ණයක් විවෘත කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට ආදායම් ඉපයීමේ මාර්ග විවෘත වන අතර  මෙම ධිවර වරාය ඉතා අලංකාර ධීවර වරායක් වීම නිසා ඉදිරි කාලයේදී මෙම ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට ද සැළසුම් කර තිබේ. 

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සෘජු අධීක්‍ෂණයෙන් මෙම වරායේ ඉදිකිරීම් ක්‍රියාත්මක වේ.

 281 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply