අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 95%කට එන්නත් මාත්‍රා දෙකම දී අවසන්!

වයස අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහනයෙන් සියයට 95කට ආසන්න ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම දී තිබෙන බව කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ඊයේ (01) අනාවරණය විය.

අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරණය සාර්ථකව සිදු කෙරෙමින් තිබෙන අතර, එන්නත් දීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් කළ යුතු බවටත් එහිදී තීරණය කෙරිණි.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (1) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ බව හෙළිදරව් විය.

ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැතිවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීහු, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීහු සහ කොවිඩ් විශේෂ මර්දන කමිටුවේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

 387 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply