“100ට අඩුවෙන් හාල් දෙනවා” දෙන විදිය අහන්න එපා!

ඉදිරි සතිය තුළ නාඩු සහල් රු. 100ට වඩා අඩුවෙන් ලබාදෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඒ සඳහා තමන්ට සතියක් කල් ලබාදෙන ලෙසය.

“අපි සහල් දෙනවා 100ට අඩුවෙන්. නාඩු. කොහොම ද කියලා අහන්න එපා. මට සුමානයක් දෙන්න. දැන් ඒ සහල් අපි දෙනකොට 100ට අඩුවෙන් එතකොට ලොකු මෝල් කට්ටියට අපි බලමු කොහොම ද විකුණන්නේ ඔය 112ට කියලා.”

කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙලෙස පැවසීය.

“ඔව් කිරිපිටි නෑ. කිරිපිටි නෑ හිඟයි. නෑ නොවේ හිඟයි. අපට කිරිපිටි ගෙන්වන අය කියනවා ඒ අයට කිරිපිටි මිල වැඩිකරන්න දෙන්න කියලා රු. 400කින්. දේශීය කිරිපිටි තියෙනවා අඩු මිලට. අපට බෑ රු. 400කින් කිරිපිටිවල මිල වැඩි කරන්න දෙන්න.”

 294 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply