බිරිඳගේ අනියම් පෙම් කෙලියේ නිරුවත් ඡායාරූප ස්වාමියාට ලැබිලා!

ෆේස්බුක් මර්ගයෙන් පැවැත්වූ අනියම් පෙම නවතා දැමීමෙන් කෝප වූ ෆේස්බුක් පෙම්වතා විසින් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශනයක් ඇයගේ සැමියාට සහ නැඟණියට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුදාහැර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන 28 වැනි දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත සැකකාර පෙම්වතා මුදා හැරීමට නියෝග කළා.

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි කොළඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවෙක්. අක්මීමන ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විවාහක කාන්තාවක් වන අතර, ඇයගේ සැමියා විදෙස්ගතව සිටින බවත්, අදාළ කාන්තාව සිය ෆේස්බුක් ගිණුම හරහා හදුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගත් බවත් සඳහන්.

ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකම අඹුසැමියන් ලෙස හැසිරී ඇති අතර වට්ස්ඇප් ඔස්සේ නිරුවත් වීඩියෝ ඇමැතුම් ලබාගෙන ඇති බවත්, එම අවස්ථාවන් සැකකාර පෙම්වතා විසින් ඔහුගේ ජංගම දුරකථනයේ පටිගත කරගෙන ඇතැයිද අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවැසුවා.

පසුව ඇති වූ විවිධ නොගැළපීම් හේතුවෙන් පැමිණිලිකාරිය විසින් සම්බන්ධය නවතා දමා ඇතැයිද ඒ සම්බන්ධව කෝප වූ සැකකරු අදාළ නිරුවත් ඡායාරූප හා වීඩියෝවක් විදෙස්ගතව සිටින ඇයගේ සැමියාට සහ ඇයගේ නැඟණියට මුදාහැර ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනයේ අදාළ කාන්තාවගේ නිරුවත් දර්ශන ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකි වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

ලබන නොවැම්බර් මස 02 වැනි දින සැකකරුට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා……

 1,583 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply