කොවිඩ් එන්නත් ගැන සියලු වැරදි ප්‍රචාර යූ ටියුබ් ඉවත් කරයි!

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද කොරෝනා මර්දන එන්නත් සම්බන්ධයෙන් සකස් කෙරුණු අසත්‍ය ප්‍රචාර අන්තර්ගත වීඩියෝ පට සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බව යූ ටියුබ් ආයතනය පවසනවා.

ඔවුන් අවධාරණය කරන්නේ අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් පුළුල් කිරීමට ද තීරණය කර ඇති බවයි.

ඒ අනුව අසත්‍ය වීඩියෝ එක් කරන යූ ටියුබ් ගිණුම් හිමියන්ගේ යූ ටියුබ් ගිණුම්ද අවලංගු කිරීමටයි අවධානය යොමු වී ඇත්තේ.

කොවිඩ් මර්දන එන්නත් මගින් විවිධ අතුරු ආබාධ ඇති වන බවට වූ අන්තර්ගතයන් ඇතුළත් කර ගනිමින් ඉකුත් සමයේ වීඩියෝ රැසක් යූ ටියුබ් වෙත එක්කර තිබුණා. එන්නත්කරණයට ජනතාව තුළ වූ උනන්දුව පහළ යාමට මෙය ද හේතුවක් වූ බවටයි විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ.

වසංගතයක් පවතින මොහොතක මෙවැනි අසත්‍ය ප්‍රචාර පැතිර යාම වැළැක්වීමට ලොව ප්‍රමුඛ සමාජ මාධ්‍ය ආයතන පියවර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් ඇතුළු බොහෝ පිරිසක් ඉකුත් සමයේ අදාළ ආයතන ඉලක්ක කර ගනිමින් දැඩි විවේචන එල්ල කළා.

එවන් පසුබිමකයි කොවිඩ් මර්දන එන්නත් පිළිබද අසත්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝ පට එක් ලක්‍ෂ 30,000 ක් මේ වනවිටත් ඉවත් කර ඇති බවයි යූ ටියුබ් ආයතනය පවසා ඇත්තේ.

 848 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply