කොවිඩ් මරණවලින් 1/3ක් හෘද රෝගීන්!

කොවිඩ් මරණවලින් 1/3ක්ම සිදු වන්නේ හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයන් අතර බව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අනිදු පතිරණ මහතා පැවැසුවේය.

මරණයෙන් ආරක්ෂා වීම සඳහා ඕනෑම හෘද රෝගියෙක් කිසිදු බියකින් තොරව කොවිඩ් මර්දන එන්නත ගත යුතු බවද ඒ මහතා පැවැසුවේය.

කොවිඩ් මර්දන එන්නත ගැනීමට හෘද රෝගීභාවය විශේෂ සුදුසුකමක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (29) පැවැසුවේය. හෘද රෝගීන් විශේෂ සංකූලතාවලින් පෙළෙන බවත් ඉන් ආරක්ෂා වීමට එන්නත ගැනීම වඩාත් වැදගත් බවත් හෙතෙම කීය.

 400 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply