විස්ස සම්මත කරගැනීමේදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තීන්දුව කුමක් වේද යන්න පිළිබඳ තවමත් අවිනිශ්චිතය. ආණ්ඩුවටද ඒ හා සම්බන්ධව තොරතුරැ නැති බව දැනගන්නට ලැබේ.

ඒ කෙසේ වෙතත් තුනෙන් දෙකක බහුතරය නිර්මාණය කර ගැනීමේ කටයුත්ත බැසිල් රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු සැලසුම් කරමින් සිටිති. ආරංචි මාර්ග අනුව විපක්ෂ මන්ත්‍රීවරු 12ක් අවශ්‍ය වුවහොත් 20ත් සහාය දක්වන බවට ප්‍රතිඥා දී ඇති බව කියැවේ. මුල් අදියරේදී එයින් පස් දෙනකු පමණ එකතුකර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවටද තොරතුරු ඇත.

එම මන්ත්‍රීවරු තමන් සිටින පක්ෂයේ සිටම එම සහයෝගය ලබාදීමට වැඩි ඉඩක් ඇති අතර පක්ෂ මාරැවක් පිළිබඳ අවසන් තීන්දුව ඔවුන් තවමත් අරගෙන නොමැත. සුළු ජාතික පක්ෂ මෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරැ කිහිපදෙනෙක්ද මේ අතර සිටින බව කියැවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here