ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 4ක් දිවයිනට!

මෙතෙක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ඇමෙරිකාවේ ” ෆයිසර් ” එන්නත් විශාලතම තොගය වන , එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ( මිලියන 04 ) අද දින උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් , කටුනායක  ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

කිලෝ ග්‍රෑම් 5,356 ක් බරැති  මෙම එන්නත් තොගය , පෙට්ටි 77 ක අසුරා තිබේ .

මුලින්ම මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .

ඉන්පසුව එතැන් සිට , මෙම එන්නත් තොගය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.37 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ .

 385 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply