කලින් වගේ හැසිරුණොත් නැවත රැල්ලක් එනවා!

රටේ ජනතාවගෙන් සියයට හැත්තෑවක් එන්නත්කරණයට යොමු වීමට නම් වයස 20ට වැඩි අය සියයට සියයක්ම එන්නත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න අවධාරණය කරයි.

වයස 20ට අඩු අයට රෝගය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය  සඳහන් කළාය.

පෙර පුරුදු ආකාරයට හැසිරෙන්න ගියහොත් මේ රෝගය යළි ජනතාව අතරට ගොස් නැවත රැල්ලක් එන එක වළක්වාගත නොහැකිවේ යැයිද විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවාය.

ඉලක්කගත තරුණ ජනතාව එන්නත්කරණය සිදු කිරීමෙන් වැළකී සිටීම තුළින් රෝග ලක්ෂණ ඇති නොවී සිටිනවා හැකි වුවද ඔවුන්ගේ ගෙවල්වල සිටින වයසක ප්‍රතිශක්තිකරණය අඩු අයට මේ රෝගය වැලඳීමට හැකියාවක් ඇති බවද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවැසුවාය.

මේ අවස්ථාවේදී රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන ලෙස තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

 465 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply