චීන කාබනික පොහොර ඇණවුම අත්හිටුවයි!

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකිරීමට තීරණය කර ඇත.

මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත.

ශ්‍රී  ලංකාවේ භූමියට, ශාකවලට හා සත්ත්වයන්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට මීට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම ඇමැතිවරයා පවසයි.

පසුගිය රජය සමයේ අපේ භූමියට අහිතකර පොහොර විශාල වශයෙන් ආනයනය කර තිබෙන අතර එම පොහොරවල අහිතකර ‍ෙක්‍ෂුද්‍රජීවීන් හා බැක්ටීරියා තිබෙන බව රසායනාගාර පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.

එම රසායනාගාර වාර්තා වෙනස් කර රටට අහිතකර පොහොර ආනයනය කර ගොවීන්ට බෙදාදී ඇති බව තහවුරු වී ඇත.

ජනතාවට වගකියන රජයක් ලෙස කිසිදු අහිතකර පොහොර වර්ගයක් මෙරටට ගෙන්වන්නේ නැති බවට කෘෂිකර්ම ඇමැතිවරයා සහතික වී  ඇත.

දෙපාර්තමේන්තුව යටතේ ඇති ශාක නිරෝධායන මධ්‍යස්ථානයේ නිර්දේශ නොකරන කිසිදු පොහොර වර්ගයක් හෝ ද්‍රව්‍යයක් රට තුළට ගෙන ඒමට ඉඩ ලබා නොදීමට තීරණය කර තිබේ.

ශාක නිරෝධායන නීතිරීති අකුරට ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලතල කෘෂිකර්ම ඇමැතිවරයා විසින් ලබාදී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.

අපේ වගකීම ගොවියාත් ඔහු වගා කරන භූමියත් ආරක්‍ෂා කර ගැනීම වන අතර ඊට හානිවන කිසිවක් රට තුළට ගෙන ඒමට පවතින නීතිරීතිවලට අනුව ඉඩක් නොලැබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මහ කන්නයේ ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නියමිත ප්‍රමිතියෙන් යුතුව ලබාදීමට පියවර ගන්නා බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවැසීය.

 287 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply