විවාහ උත්සව පැවැත්වීම සඳහා GMOA යෝජනා කළ නිර්දේශ!

කුඩා හා මධ්‍ය පරිමාණ විවාහ සේවා සපයන්නන්ගේ සංගමය සිය ඉල්ලීම මත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

අදාළ සාකච්ඡාව ඊයේ (සැප්.29) දින පවත්වා ඇති අතර එහිදී දෙපාර්ශවය එකඟතා කිහිපයකට එළඹි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසීය. 

ඒ අනුව, කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඉඩ ලබා දිය හැකි අවම අමුත්තන් සංඛ්‍යාවට සහභාගි වීමට අවස්ථාව ලබා දෙමින් විවාහ මංගල උත්සව ආරම්භ කිරීම, විවාහ මංගල උත්සව අවස්ථා මත්පැන් භාවිතයෙන් තොරව පැවැත්වීම සහ විවාහ මංගල උත්සව සඳහා සහභාගි විය හැක්කේ පූර්ණ එන්නත්කරණයට භාජනය වූ අයට පමණක් වන ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ සැකසීම යන එකඟතාවකට එහිදී එළඹ තිබේ.

එමගින් වයස අවුරුදු 20–30 සීමාවේ සිටින පුද්ගලයින් එන්නත්කරණය සඳහා දිරිමත් කිරීම අපේක්ෂා කරන බව ද එලෙස එකඟ වූ ඉල්ලිම් ජනාධිපති කාර්යසාධක බලකායට ඉදිරිපත් කිරීමට නියමිත බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

 452 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply