LPL නරඹන්න අවස්ථාව දීමේ සූදානමක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් දෙවැනි වරටත් ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) තරග නැරඹීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවදානය යොමු වී තිබේ.

ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂක ධාරිතාවෙන් සියයට 25 ක පමණ ප්‍රමාණයකට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීමට අවදානය යොමු වී ඇති බවත් එසේ තරග නැරඹීමේ අවස්ථාව ‘කොවිඩ්’ මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට පමණක් ලබාදීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ සභාපති, රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ දැඩි අවදානම ඇති වූ පසුගිය වසරේ මාර්තු මස සිට වසර එකහමාරකට අධික කාලය තුළ එල්.පී.එල්. තරගාවලිය සහ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලි කීපයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වුණ ද එම කිසිඳු තරගයක් ක්‍රීඩාංගණය තුළ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්‍ෂකයන්ට හිමිනොවීය.    

 316 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply