කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යෑමක්!

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබමින් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 9,339.28 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (28) දිනය අවසන් වනවිට එම අගය වාර්තා කර තිබෙන අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.75 ක වර්ධනයක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

කෙසේ වූවද මීට පෙර සමස්ත මිල දර්ශකයේ ඉහළම අගය වූ ඒකක 9,335.98ක අගය පසුගිය 2 දා වාර්තා විය.

මේ අතර එස්.ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඊයේ දිනය අවසන් වනවිට ඒකක 3,453.35 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.09 ක වර්ධනයක් බවද එම වෙළෙඳපොළ සඳහන් කරයි.

ඊයේ (28) දිනය නිමා වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.66ක් විය.

 446 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply