කොරෝනා මඩින්න ෆයිසර් සමාගමෙන් ඖෂධයක්!

කොවිඩ් මර්දනය සඳහා නව ඖෂධයක් හඳුන්වාදීමට ෆයිසර් ආයතනය තීරණය කර තිබෙනවා. අදාළ ඖෂධය සම්බන්ධයෙන් වන සායනික පරීක්ෂණ මේවනවිට ආරම්භ කර ඇති බවයි ෆයිසර් ආයතනය පැවසුවේ. සායනික මට්ටමේදී එම ඖෂධය සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇති බව ද ෆයිසර් ආයතනය පැවසුවා. සායනික පරීක්ෂණය සඳහා වැඩිහිටි පුද්ගලයින් 2,660 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාව ලබාගෙන තිබෙනවා. ජනාධිපතිවරයා එලෙස ලබාගෙන ඇත්තේ ෆයිසර් එන්නත් මාත්‍රාවක්. රට තුළ එන්නත්කරණය සාර්ථකව සිදුවෙද්දී, තවමත් එන්නත් ලබාගෙන නොමැති පුද්ගලයින්ගෙන් රටට හානියක් සිදුකරන බවයි ජනාධිපති බයිඩ්න් ප්‍රකාශ කර ඇත්තේ.

අමෙරිකාවේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාවක් ලබාදීමට එරට සෞඛ්‍ය බලධාරීන් ඉකුත්දා අනුමැතිය ලබාදුන්නා. අමෙරිකානු ජනගහනයෙන් සියයට 65 ක ප්‍රතිශතයක් මේවනවිට පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

 833 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply