ඒ සාමාර්ථ 18ක් එකම ගෙදරට!

දෙමාපියන්ට නෑදෑයන්ට ගුරුවරුන්ට මොන තරම් සතුටක්ද?

පසුගියදා නිකුත් වු සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලින් “A සාමාර්ථ 18ක්ම එක නිවසකට“ ලැබි ඇති බවට මහියංගණ ඇළෑවෙල ප්‍ර දේශයෙන් ආරංචියක් අපට ලැබුනා. “A “ සාමර්ථ අටක් හෝ නවයක් ලැබුනා කියලයි වෙන අවස්ථාවන් වලදී අපට අහන්න ලැබෙන්නේ.

මහියංගණ අධ්‍යාපන කොට්ඨාශයේ මහියංගණ, ඇළෑවෙල, “අශ්වනාත වත්ත“ නිවස, ඩී.කෝසල විජේමාන්න යන ලිපිනයේ පදිංචි නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට, ඉංග්‍රීසි මාධ්‍යයයෙන් පෙනී සිටිමින් මෙම දක්ෂතාවය දක්වා ඇත.
ඩී.එස්. පමුදිනි විජේමාන්න හා ඩී.එස්. සමුදිනි විජේමාන්න එම නිවුන් දියණියන් දෙදෙනාය මහියංගණ ජාතික පාසලේ අධ්‍යාපනට හදාරා ඇති අතර පසුගියදා නිකුත් වු සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව එක් දියණියක් “ ඒ “ සාමාර්ථ 09 බැගින් ලබා ගනිමින් ඉහලින්ම සමත්ව විශිෂ්ඨ දස්කම් දක්වන්නට සමත්ව ඇත. එසේම මහියංගණය වැනි දුෂ්කර ප්‍ර දේශයක ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මේ ආකාරයෙන් විශිෂ්ඨ දස්කම් දක්වන්නට හැකි විමද සුවිශේෂි වේ. එසේම මෙම දියණියන් දෙදෙනා ශිෂ්‍යත්ව විභාගය සදහා ලකුණු 167ක් හා 157ක් ලබාගෙන දක්ෂතා දැක් වු දියණියන් වන අතර, මහියංගණ ජාතික පාසලේ ශිෂ්‍ය නායකයන් ලෙසද කටයුතු කරමින් පාසලේ දීප්තිමත් දැරියන් ලෙස ගුරුවරුන්ගේ ප්‍රසාදයට ලක්වු දියණියන් දෙදෙනෙකි.
දියණීයන් දෙදෙනා චිත්‍ර ඇදීමේ විශේෂ දක්ෂතාවයක් දක්වන දැරියන් දෙදෙනෙකු බවට එහි ගිය අපහට පෙනීගියා.
දැරියන් දෙදෙනාගේ මව ලංකා ලක්මාලි රත්නායක වන අතර මහියංගණ ප්‍රා දේශිය ලේකම් කාර් යාලයේ සංවර් ධන නිළධාරිණියක් ලෙස සේවය කරන අතර, කෝසල විජේමාන්න නම් වන පියා පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වේ.

 608 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply