“රාජ්‍ය උදේ 09:00ට පුද්ගලික උදේ 10:00ට” පළමුවැනිදා සිට සේවයට කැඳවන හැටි මෙන්න!

ඔක්තෝබර්  පළමුවැනිදා සිට රාජ්‍ය සේවකයන් පෙරවරු 9.00ටත් පෞද්ගලික අංශ සේවකයන් පෙරවරු 10.00ටත් සේවයට කැඳවීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇත. මුදල් අමාත්‍යාංශයේදී අදාළ සාකච්ඡාව පවත්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට මෙතෙක් පැමිණ නොමැති අතර අවසන් තීරණයකට එළැඹුණු පසු ඒ සම්බන්ධව කඩිනමින් පියවර ගැනීමට නියමිතය.

 440 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply