සෑම පළාතකම ළමා රෝහලක් ඉදි කිරීමට රජයෙන් සැලසුම්!

 ​​​රටේ සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ සහ මහනුවරට පමණක් දැනට සීමා වී ඇති ළමා රෝහල් මින් ඉදිරියට එක් පළාතකට එක් ළමා රෝහලක් ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යෑම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ. 

ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125ක් සැපිරීමට සමඟාමීව මහල් නවයකින් යුතු දැඩි සත්කාර හා ශල්‍ය වාට්ටු සංකීර්ණයට මුල් ගල තැබීම සහ  ඇට මිඳුළු බද්ධ කිරීමේ ඒකකය හා නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

https://clyp.it/ifkwsyhz/widget

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මැතිනිය අතින් ලෝක ළමාදිනය වෙනුවෙන් දරුවන්ට ත්‍යාග ප‍්‍රදාන කිරීම ද එහිදී සිදු කෙරුණා. එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ද එක්වූ අතර එහිදී ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි. 

 615 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply