ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වලට කරන්න යන දේ!

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල අකාර්යක්ෂමතාව හේතුවෙන් ගෑස් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා එම සමාගම් ඒකාබද්ධ කර නව ගෑස් සමාගමක් පිහිටුවීමට රජය කටයුතු කර ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (සැප් 28) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ඒකාබද්ධ කර රජය විසින් පිහිටුවන ලද නව ගෑස් සමාගම පිළිබඳව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගෑස් මිලට, ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල අකාර්යක්ෂමතාව නිසා ද මිලක් එකතු වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව, මෙම සමාගම් ද්විත්වය ඒකාබද්ධ කර රජයේ සමාගමක් ස්ථාපනය කිරීමෙන් දැනට වෙළෙඳපොළේ පවතින ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 125කින් පමණ අඩු කර පරිභෝගිකයින්ට අලෙවි කිරීමට හැකියාවක් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන් ම ඔහු ප්‍රකාශ කළේ, අදාළ සමාගමට සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර මේ වන විට කටයුතු සිදු කරමින් පවතින බවය.

“අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධව අනුකමිටුවක් පත් කළා. ලෝක වෙළඳපොළේ මිල වැඩිවීමත් ඩොලරයේ මිල වැඩි වීමටත් අමතරව අද පාරිභෝගිකයා ගෙවන ගෑස් සිලින්ඩරයේ මිල තුළ මේ ආයතන දෙකේ අකාර්යක්ෂමතාව නිසාත් මිලක් අඩංගු වෙලා තියෙනවා.

එම නිසා රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ, මේ ආයතනවල තියෙන අකාර්යක්ෂමතාව අඩු කර ගැනීම තුළින් පාරිභෝගිකයාට ඒ සහනය ලබා දීම තමයි ප්‍රධාන ව‍ශයෙන් ම අරමුණ. ඒ අනුව විශේෂයෙන් ම මේ සමාගම් දෙක ඒකා බද්ධ කරලා, රජයේ සමාගමක් ස්ථාපිත කරලා, රජය මැදිහත්වීම වෙනුවෙන්, විශේෂයෙන් ම ඒකාබද්ධ මිලදී ගැනීමක් ක්‍රියාත්මක කිරීම තුළින් දැනට වඩා රුපියල් 125ක 130ක විතර මිලක් අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා ඒක අරමුණු කරගෙන තමා විශේෂයෙන් ම මේ සමගම ස්ථාපිත කිරීමට කටයුතු කරලා තිබෙන්නේ. 

ඒ අනුව එහි සභාපතිවරයෙක් පත් කරලා තියෙනවා. ඒ වගේ ම එහි අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඒ අනුව, අලුතෙන් පිහිටුවපු රජයේ ඒ සමාගම විසින් ඒ කටයුතු සිදු කරමින් පවතිනවා.”  

 382 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply