සංචරණ සීමා 1 වැනිදා ඉවත් කළත් ඉදිරි අවුරුද්දම නව සාමාන්‍යකරණය යටතේ!

ලබන මස පළමුවැනිදා සිට සංචරණ සීමා ඉවත් කළත් රටේ ජනතාවට ඉදිරි වසරක පමණ කාලයක් නව සාමාන්‍යකරණය යටතේ එදිනෙදා කටයුතු කිරීමට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ යම් අඩුවක් තිබෙන බව ද රෝගීන්ගේ සංඛ්‍යාවේ හා මිය යන අයගේ පැහැදිලි අඩුවක් ඇතත් එයින් සෑහීමකට පත්විය නොහැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.   


එබැවින් ගමන් බිමන් යාම, උත්සව සාද පැවැත්වීම, ආගමික කටයුතු සිදු කිරීම, වෙ​ෙළඳ​ෙපාළ කටයුතු ආදී සියලු‍ කරුණුවලදී රටේ ජනතාව හික්මීමකින් කටයුතු කළ යුතුව ඇතැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය. 

www.lankadeepa.lk

 463 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply