සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කළේ “පාරිභෝගිකයා හා ගොවියා” ආරක්ෂා කරන්නයි!

සහල් මිල පාලන ගැසට් නිවේදනය අවලංගු කිරීමේ අරමුණ පාරිභෝගිකයන් සහ ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

එමෙන්ම සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම වෙළඳ අමාත්‍යංශය මගින් (28) දිනයේම ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අලගියවන්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා සහභාගී වෙමිනි.

ඒ අනුව, කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 95 ක්, නාඩු සහල් කිලෝවක මිල 98ක්, සම්බා සහල් කිලෝවක මිල 103 ක්, කීරි සම්බා කිලෝවක මිල 125 ක්, ලෙස වූ උපරිම සිල්ලර මිල ගැසට් අවලංගු කර ඇතැයි ද අලගියවන්න මහතා පැවසීය.

රජය ගැසට් ගැසීම සිදුකරන්නේ පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒවා වෙළඳපල තත්වය තුළ වසරකට දෙකකට වඩා පවත්වාගෙන යාමට නොහැකි බව ද කීවේය.

සහල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් ආනයනය කරන්නේ පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමට මිස මෝල් හිමියා ආරක්‍ෂා කරන්නට නොවේ යැයි ද හෙතෙම පැවසීය.

වී මිල ඉහළ නංවා ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමට වත්මන් රජය කටයුතු කළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම 2020 වසර එක සහල් ඇටයක්වත් ආනයනය නොකළ වසරක් ලෙස සටහන් වූ බව ද කීවේය.

සහල් ආනයනය කළත් වී සඳහා පවතින සහතික මිල වෙනස් නොකරන බව ද අලගියවන්න මහතා පැවසීය.

සහල් මෝල් හිමියන් ගොවීන්ගෙන් අඩුවෙන් වී මිලදී ගත්තොත් ඉතිරිය වී අලෙවි මණ්ඩලය හරහා ලබාගැනීමට සූදානම් බව කී අමාත්‍යවරයා ගොවි ජනතාවත්, පාරිභෝගිකයාත් ආරක්‍ෂා කිරීම රජයේ අරමුණ බව ද පැවසීය.

 337 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply