සූදු ක‍්‍රීඩාවේ නිරත වූ නවගත්තේගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට!

මුදල් ඔට්ටු තබමින් සූදු ක‍්‍රීඩාවේ නිරත වෙමින් සිටි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නවගත්තේගස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

එම පිරිස නවගත්තේගම නගරයට ආසන්නයේ පිහිටි නිවසක් තුළ සූදු ක‍්‍රීඩාවේ නියැලෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අදාළ සූදුපොළේ තිබී රුපියල් 63,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.  

 699 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply