රට විවෘත කිරීමට පෙර ජනපති සියළු අංශ වලින් වාර්තා ඉල්ලයි!

එළඹෙන ඔක්තෝම්බර් පළමු වනදා සිට රට විවෘත කිරීමේ දී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ එය සිදු කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියළු අංශ වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි

ඒ අනුව සෞඛ්‍ය ,ප්‍රවාහන සහ අනෙකුත් ක්ෂ්ත්‍ර මගින් මෙම නිර්දේශ ලබා දීමට නියමිතව ඇත

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස 01 වනදා අලුයම 4.00 න් අවසන් වීමට නියමිතය.

කෙසේ වෙතත් රට යළි විවෘත කළ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ජනතාවට දැඩි වගකීමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරක් මහතා අද(27) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය

 593 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply