එන්නත්කරණය ප්‍රතිපලදායකයි – මරණ ප්‍රමාණය වාර්තාගත ලෙස පහලට!

කොවිඩ් ආසාදිත මරණ මේ වනවිට සැළකියයුතු ප්‍රමාණයකින් පහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.

සෞඛ්‍ය⁣ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනු ලැබුවේ ඊයේ දින මෙරට සිදුව ඇත්තේ කොවිඩ් මරණ 51 ක් පමණක් බවය.

එම මරණ අතරින් මරණ 41ක් වයස අවුරුදු 60ට ඉහළ පුද්ගලයින්ගේය. වයස අවුරුදු 30 අඩු මරණ ඊයේ දිනයේද වාර්තා වී නැත.මරණ අඩුවූවත්, ⁣ආසාදිතයන් අඩුවූවත්, රෝහල්වල රෝගීන් අඩුවූවත් අවධානම පහව ගොස් නැතැයි කොවිඩ් රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්ම්ය සදහන් කළාය.

එබැවින් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් ⁣ තවදුරටත් නිසි ලෙස පිළිපදිින ලෙසයි.

ඒ අනුව, කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (28) දිනයේ ද විවිධ ස්ථාන 184කදී එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙනු ඇති අතර ඒ අනුව අද දිනයේ එන්නත ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.

මීට අමතරව වයස අවුරුදු 20-29 අතර වයස් කණ්ඩායම් සඳහා ද මෙම ස්ථානවලින් එන්නත් ලබාගත හැකි බවද දන්වා තිබෙනවා.

 580 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply