ගුවන් හමුදාවේ ගයානි කලුආරච්චිට ජාත්‍යන්තර බොක්සිං ජයග්‍රහණයක්!

58 වන ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවක වන නායක ගුවන් කාන්තා ගයානි කලුආරච්චි ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබේ.

මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වක ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක විසින් ලෝකඩ පදක්කමක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

රුසියාවේ මොස්කව් නුවරදී පැවති 58 වන ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රීඩා තරගාවලියේදී කාන්තා කිලෝ ග්‍රෑම් 75 බර පන්තියේ යටතේ ඇය මෙම ලෝකඩ පදක්කම දිනා ගෙන තිබේ.

ගයානි කලුආරච්චි කිලෝ ග්‍රැම් 75 බර පංතිය යටතේ  ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය – 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය – 2019 සහ ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය-2019 යන තරගාවලි ජයග්‍රහණය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග අත්දැකිම් බහුල ක්‍රීඩිකාවක් ලෙස මෙම තරගාවලියට එක් වී ඇත.

 547 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply