රේගුවේ කනෙන් රිංගන්න හැදූ මහා පරිමාණ රත්‍රන් ජාවාරමක් අල්ලයි!

ව්‍යාජ ව්‍යාපාර නාම භාවිත කරමින් ගුවන් බඩු අංශයේ කුරියර් ආයතන හරහා සිදු කරන ලද මහා පරිමාණයේ රත්‍රන් ජාවාරමක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වී තිබේ. 

රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිට වාහන අමතර කොටස් හා කෝපි සාදන යන්ත්‍රවල කොටස් ලෙස සඳහන් කර මෙරටට ආනයනය කරන ලද පාර්සල් කිහිපයක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ රත්‍රන් කිලෝ දහසයක් මෙලෙස සොයාගෙන ඇති බවය.

ජාවාරම්කරුවන් විසින් අදාළ භාණ්ඩවල අභ්‍යන්තරයේ අඩංගු කොටස් රත්‍රන්වලින් නිර්මාණය කර එම කොටස් එම භාණ්ඩවලට සවි කර රේගුව නොමග යැවීමට උත්සහ කර ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම රත්‍රන්වල වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 22කට ආසන්න වන බවය.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 413 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply