WHO ඉල්ලීමට පයින් ගැසූ බයිඩන් බූස්ටර් මාත්‍රා විද ගනී!

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට තුළ වැඩිහිටියන් ඇතුළු සුදුසුකම් ලැබූ පිරිසට ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව විද ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව බලවත් රටවලට බූස්ටර් එන්නත්වලට යෑමට පෙර සියලු රටවල ජනතාවට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට පයින් ගැසීමකි.

තම එන්නත් මාත්‍රාව ලබාගැනීමෙන් පසුව බයිඩන් සුදුසුකම් ලැබූ සෙසු ඇමෙරිකානුවන්ටද එන්නත් ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේය.

“ඔබ ආරක්‍ෂිතයි, බූස්ටර සමග එය එලෙසම තබා ගැනීමට අපි හැකි සෑම දෙයක්ම කරනවා. ඒ වගේම එන්නතක් ලබා ගැනීමට සුදුසුකම් ඇති නමුත් එය සිදු නොකළ ඇමෙරිකානුවන් හෙවත් සුළු පිරිසක් රටේ සෙසු ප්‍රදේශවලට විශාල විනාශයක් සිදු කරනවා” බයිඩන් එන්නත ලබාගැනීමෙන් පසුව පැවසීය.

 863 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply