මත්තල ගුවන්‍තොටුපෙළ භාවිත කිරීමේ වර්ධනයක්!

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වැඩිම ගුවන් මගීන් පිරිසක් භාවිත කළ වර්ෂය ලෙස මෙම වර්ෂය පත්ව ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ වසරේ ගතවූ කාලය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිත කර ඇති මගීන්ගේ සංඛ්‍යාව 25767ක් බවයි.

එසේම ගුවන් තොටුපොළ තුළ භාණ්ඩ හැසිරීමද වර්ධනය වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

“මත්තල මහින්ද ‍රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ගුවන් මගීන් සංඛ්‍යාව පමණක් නොව රැගෙන පැමිණි හා ගෙන ගිය භාණ්ඩ ප්‍රමාණයන්ගේ ද වෙනත් වර්ෂ වලට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා.

2021 වසරේ මේ දක්වා කාලය තුළ ගුවන් මගීන් 25,767 ක් මත්තල ගුවන්තොටුපළ භාවිත කර ඇති අතර එම සංඛ්‍යාව 2020 වසරේදි 17,544 ක් ලෙසත්, 2019 දී 1,403 ක් ලෙසත් දැක්වුනා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාවක් භාවිත කළ වර්ෂය ලෙස ද 2021 වසර දැක්විය හැකි අතර කලාපයේ ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම ගුවන්තොටුපළ  ප්‍රවර්ධනය කිරීමට අප රජය කැපවී සිටිනවා.”

 430 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply