නිළ නිවසේ බලෙන් රැඳී ඉන්න නලීන් බණ්ඩාර නෙරපන්නැයි උසාවි නියෝගයක්!

රජයේ නිල නිවාසය භාර නොදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කුරුඳුවත්තේ පිහිටි එකී නිල නිවාසයෙන් නෙරපීම සදහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (29) නෙරපීමේ නියෝගයක් නිකුත් කළේය.

පළාත් සභා හා පළාත් පාලන (රාජ්‍ය සේවා ) අමාත්‍යාංශය විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත නඩුවක් ගොනු කරමින් නෙරපීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයේ කරන ලද ඉල්ලීම සළකා මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එම්.ඩි.කේ පලිහවඩන මහතා විසින් පැමිණිලිකරමින් වගඋත්තරකරු ලෙස සී.ඩී.90 ,හෙක්ටර් කොබ්බෑකඩුව මාවත ,කොළඹ 7 පදිංචි නලින් බණ්ඩාර ජයමහ මේ දක්වා රජයේ නිල නිවස නැවත භාර දිමට කටයුතු නොකළ බවත් සිහිකැදවිම් ලිපි දෙකක් යොමු කර ඇති බවට කරුණු අධිකරණය හමුවේ සදහන් කළේය

 525 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply