වසර නිම වීමට පෙර ජාතික ආර්ථිකයට කෝටි 200ක්!

දේශීය කර්මාන්තකරුවන් හා නව නිපැයුම්කරුවන් බලගන්වා ජාතික ආර්ථිකයට රුපියල් කෝටි 200ක් මේ වසර නිමවීමට පෙර අලුතින් එකතු කිරීමේ අරමුණින් ‘සෞභාග්‍යා ගම්මාන‘ හා ‘සෞභාග්‍යා සතිය‘ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ බව සමෘද්ධි, ගෘහ ආශ්‍රිත කර්මාන්ත, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

සෑම වසරකම කාර්තු පදනම් කර ගෙන ‘සෞභාග්‍යා සතිය‘ ජාතික වැඩපිළිවෙළ ඔස්සේ දුප්පත්කම දුරු කිරීම හා ජීවනෝපාය නඟා සිටුවීමේ ක්‍රියාදාමයක් කරන බවත්, ඒ අනුව මේ වසරේ තුන්වැනි කාර්තුවේ සෞභාග්‍යා සතිය වැඩසටහන මේ මස 23 සිට 30 දක්වා රට පුරා පවත්වන බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම් මත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සෞභාග්‍යා අපනයන සංවර්ධන ගම්මාන දිරිගැන්වීම ආරම්භ කළ බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. සමෘද්ධිලාභීන් හා මෙරට අඩු ආදායම්ලාභීන් තවදුරටත් ආර්ථික අමාරුකම් මත රැඳී සිටින පිරිසක් බවට පත් කරලීම වෙනුවට ඔවුන් සවිබල ගන්වා ජාතික ආර්ථිකයේ දියුණුවට ගාමක බලවේගයක් ලෙස පෙළගැස්සවීම නව වැඩපිළිවෙළේ එක් ඉලක්කයක් බවද සේමසිංහ මහතා කීය.

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සෞභාග්‍යා අපනයන ගම්මාන 27ක් වැඩි දියුණු කිරීමට මේ යටතේ බලාපොරොත්තු වෙති.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා දෙපාර්තමේන්තු සියල්ල එකට එක්ව මේ සතිය පුරා රට පුරා ජනතාව සහභාගි කරවා ගෙන ග්‍රාමීය ආර්ථික නවෝදයක් ඇති කරවන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

 764 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply