රට අරින්න කලින් විධිමත් ප්‍රවාහන සැලැස්මක් ඕනෑ!

රට විවෘත කිරීමේදී පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යෑම පිළිබඳ වන සැලසුම් නිරෝධායන ඇඳිරි නිීතිය ඉවත් කිරීමට පෙර ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවා නිසි ක්‍රමවේදයකට අනුව පවත්වාගෙන යෑමට අපොහොසත් වුවහොත් නැවත වරක් කොවිඩ් ව්‍යාප්තිය වර්ධනයවීම වැළැක්විය නොහැකි බවයි. 

මුලදී පළමුවැනි රැල්ලක් කියලා දෙයක් තිබුණේ, නැහැ. ඉතා සුළු රෝගීන් සංඛ්‍යාවක් තමයි සිටියේ. නමුත් දෙවැනි වතාවට ඔක්තෝබර් මාසයේදී රෝගීන් වැඩිවන අවස්ථාවේ ඉඳලා අප්‍රේල් මාසය දක්වාම හමුවූ රෝගීන් සංඛ්‍යාව කිසිවිටෙක දහස ඉක්මවා ගියේ නැහැ. 

දැනටත් රෝගීන් සංඛ්‍යාව දාහට අඩුවෙලත් නෑ. ඒ නිසා අපට සියයට සියයක් තවම සෑහීමකට පත්වෙන්න පුළුවන් වාතාවරණයක් නොවෙයි තියෙන්නේ. මේ තත්ත්වය තවමත් බැරෑරුම් කියන එක හිතේ තබාගෙන රට වහලා තිබ්බත් එදිනෙදා කටයුතු කරන කොට සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කිරීමට පියවර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.  

දෛනික ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කළද අවදානම පහවගොස් නොමැති බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

 433 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply