ලබන පෙබරවාරියට නියමිත පුංචි ඡන්දය වසරකින් කල් යයි!

ලබන වසරේ පෙබරවාරි 10 වන දින වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු වුවත් එය තවත් වසරකින් කල්දැමීම කෙරෙහි රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මෙම සැප්තැම්බරයේ සිට පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට මේ වන විට බලතල තිබුණත් පළාත් පාලන අමාත්‍යවරයාට ඡන්දය වසරකින් කල් දැමීමට තිබෙන නීතිමය අයිතිය උපයෝගි කරගෙන මේ ආකාරයෙන් පුංචි ඡන්දය කල් දැමීම කෙරෙහි රජය අභ්‍යන්තරයේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ද දැනගන්නට තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතු කොටගෙන වසර දෙකකට ආසන්න කාලයක් නිසි ජනතා මෙහෙවරක් ඉටු කරන්නට ඉඩ නොලැබුණු බව ආණ්ඩුවට බලය හිමි පළාත් පාලන ආයතන 258ට අයත් ප්‍රධානීන් ගණනාවක් රජයේ ප්‍රධානීන්ට මේ ගැන කරුණු දක්වා ඇතැයි ද වාර්තා වේ.

එමෙන් ම, මේ වන විට නව සීමා නිර්ණය කමිටුවක් පත්කර තිබෙන නිසා එහි නිර්දේශයන් ලබාගෙන නව සීමා නිර්ණ යටතේ  ඡන්දය පැවැත්විය යුතු බවට ද රජයේ අවධානය යොමු වී ඇත.

යම් හෙයකින් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නම් දැනට පවතින සියයට 60:40 අනුපාත ක්‍රමය යටතේ එය පැවත්විය හැකි වුවත් ඒ සඳහා රජය එතරම් උනන්දුවක් නොදක්වන බව ද වාර්තා වේ.

පසුගිය දා පළාත් පාලන ප්‍රධානීන් කැඳවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවේදී ද මේ පිළිබඳ යම් ඉඟියක් අමාත්‍යවරයා විසින් පළකර තිබුණු බව ද වැඩිදුරටත් දැන ගන්නට තිබේ.

 490 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply